Posted by: dishi | September 25, 2008

සුදු නෙලුම A Short Story

This is a Short Story, which I have won First place for our School’s Short Story Competition.

සුදු  නෙලුම

      ගෙයි ඉදිරිපස වාඩි වී සිටින මට ඉදහිට බල්‍ලකු උඩු බුරලන හඩ ඇසේ. ගත සිඹින සීතල සුළග මගේ සිත අතීත මතකයන් තුළ ගිල්වන්නට සමත් වෙයි.
      මවගේ සුළැගිල්ලේ එල්ලී සුදු රැළි ගවුමේ දැවටි පාසල් යන කාලයේ පටන්ම අපි මිතුරියන් වීමු. එදා පටන් අද දක්වා දුක සතුට මුසු රසවත් සිද්ධීන් මැද අපි දෙදෙනා අතිනත් පටළාගෙන අචල මිතුදහමින් ගමන් කළෙමු. ඇය මට යෙහෙළියක් පමණක් නොව ළබැදි සොයුරියක්ද වූවාය. ඇය නමින් ආලෝකා. නමෙහි අරුත්බර බව මෙන්ම අන් අයගේ ජීවිත  ආලෝකමත් කිරිමෙහිලා ඇය සමත් වූ බව නොපිරිහෙලා කිව යුතුය. මගේ  ජීවිතයේදීත් දුකේදි මෙන්ම සැපේදිත් ආලෝකයක් වූයේ ඇයම බව මට කිසිම තර්කයකින් තොරව පිළිගත හැකිය.

 ඉතිරි කොටස හෙ‍ට…………

 

Copyright©Dishi’s Dream

Posted by: dishi | July 20, 2009

kumar Sangakkara’s official website

www.kumarsangakkara.lk is the official website of Cricketer
kumar Sangakkara. He publish his view regularly on this website.

Listn to what Sanga Says.

Posted by: dishi | July 2, 2009

Oprah show with Michael Jackson

Michael Jackson Oprah video from youtube.

Posted by: dishi | May 19, 2009

Insects

Pests and Insects. Learn more.
www.crop-insect-pest.blogspot.com

Sinhala Kit Unicode සිංහල අකුරු මෘදුකාංගය
www.locallanguages.lk

Posted by: dishi | January 9, 2009

Barack Obama Dancing

Barack Obama Dancing

video from Youtube.com

Posted by: dishi | November 21, 2008

Barack Obama Dancing video


Barack Obama on Ellen


“ආලෝකා, හෙට එනකොට මටත් මල් ටිකක් ගේන්න. ඒ මල් හරිම ලස්සනයි.”

“ටිකක් නෙමෙයි ගොඩක්ම ගේන්නම්කෝ! මේ දවස් වල ගගේ සුදු නෙලුම් ගොඩක් පිපිලා. බලං ඉන්නත් ලස්සනයි.” ඇය පැවසුවාය.

එවිටම පංතිභාර ගුරුතුමිය පංතියට පැමිණි නිසා අපි නිහඩ වූයෙමු. ඇය බුදු මැදුර පිරිසිදු කර මල් පූජා කිරීම ගැන අප දෙදෙනාටම පැසසුම් කලාය. ඒ මොහොතේ ඇගේ දෑස් දීප්තියෙන් බබළනු මම දුටුවෙමි.

පාසල අවසාන වී ගෙදර යන මොහොතේදීත් මා ඇයට සුදු නෙලුම් ගැන සිහිපත් කළේ ඒවාට තිබූ ආශාව නිසාමය.

පසුව දා උදෑසන පාසලට යන්නට සූදානම් වන අතරතුරදී ආලෝකා සුදු නෙලුම් ගෙන එන බව මට මතක් විය. එබැවින් මම ඉක්මනින්ම ලක ලැහැස්ති වී පාසල වෙත ගියේ වෙනදාට වඩා උදෑසනින්ය. මා පාසලට වී ඇය එන තුරු මහත් ආශාවෙන් පෙරමග බලා සිටියෙමි. මගේ දෑස් රිදුම් දෙන තුරු මම ඇසිපිය නොහෙලා ඇය එන දෙසම බලා සිටියෙමි. එහෙත් මා කො‍තෙක් බලා සිටියත් ඇය ආවේ නැත. පාසල් ආරම්භක සීනුව වැදීමෙන් පසු මම පංතියට ගොස් සුපුරුදු පරිදි වැඩ ආරම්භ කළෙමි. පංතියට පැමිණි ගුරුතුමියත් “අද ආලෝකා නැතුව පාලුයි නේද?” යැයි මගෙන් විමසූවත් මා කළේ ඇය දෙස බලා මද සිනහවක් පෑම පමණය. පසුවදා ඇය පැමිණේවි යැයි සිතා මම පාසල අවසාන වී ගෙදරට පැමිණියෙමී. මා ගෙදරට එන විට අම්මා ගමනක් යෑම සදහා සූදානම්ව සිටියාය.

මා ගෙදරට ගොඩවදිණු දුටු ඇය “දුව ඉක්මනට කෑම කාලා ලෑස්ති වෙන්න. ගමනක් යන්න තියෙනවා” යැයි කීවාය. මමද ඉක්මනින් සූදානම් වූයෙමි. අම්මාත් මමත් බස් නැවතුම් පොළට පැමිණ බසයට ගොඩ වීමූ.
“අම්මේ, අද ආලෝකා මට සුදු නෙලුම් ගේනවා කියලා පොරොන්දු වුණා. ඒත් එයා අද ආවේ නෑ.” බසයේ යන අතරතුර මම මවට පැවසූවෙමි. එහෙත් අම්මා නිහඩව සිටියා විනා වචනයක්වත් කීවේ නැත.

අප යන්නේ ආලෝකාගේ ගෙදර බව මට පසක් වූයේ අප බසයෙන් බැස ගුරු පාරකට හැරුණු විටය. එය ආලෝකාගේ නිවස වෙත යන මාර්ගය බව මම දනිමි.

“දුව” මවගේ කටහඩ වෙව්ලනවා යැයි මට හැගිණි. “මං දන්නවා ඔයාට මේක දරාගන්න බැරි වෙයි කියලා. අද උදේ ආලෝකා මල් කඩන්න ගිය වෙලාවේ ගගේ වතුර පාරට ගහගෙන ගිහිල්ලා” ඇය පැවසුවාය.
“ඉතිං අම්මේ, එයා දැන් ඉස්පිරිතාලෙද? එයාට ගොඩක් තුවාලද? එයා හොදින් නේද අම්මේ?” මම මහත් වේදනාවෙන් විමසුවෙමි.

“නෑ දුව, දවල් මිනිය ඉවුරට ගොඩ ගහලා තිබිලා හොයාගෙන” ඇගේ කම්මුල දිගේ රූරා ආ ලොකු කදුලු බිදු දෙකක් බිමට වැටී මහ පොළොව සිප ගත්තේය.
“ආලෝකා මැරිලා!”
“අනේ අම්මේ මට ඒක විශ්වාස කරන්න බෑ. අනේ අම්මේ ඔයා කියන්නේ බොරු නේද? ඒක වෙන්න බැරි දෙයක්!” මගේ දෑස කදුලින් තෙත් වී අදුරු පටලයකින් වැසී ගියේය. මට දරා ගත නොහැකි තරම් වේදනාවක් දැණුනි. එවන් වේදනාවක් විදිනවාට වඩා එය ඇසූ මොහොතේම ඇයත් සමගම මාත් මිය ගියා නම් යෙහෙකැයි මට සිතුණි.
ඇගේ නිවසේ සාලයේ සුදු ඇදුමක් අන්දවා තිබූ ඇගේ මුහුණ දෙස බැලිමට පවා මට නොහැකි විය.
“ඇයි මම එයාට එහෙම කිව්වේ. මට තිබුණා එහෙම නොකියා ඉන්න. මං නිසයි ඒක වුණේ!” සිතත් ගතත් දැඩි පහර දීමකට ලක් වූ කළෙක මෙන් රිදුම් දෙන්නට විය.
“දුව, මම දන්නවා ඔයා එයාට සුදු නෙලුම් ගේන්න කිව්වා කියලා. ඒත් ඒක හැමෝටම පොදු ධර්මතාවක්. අපිට බෑ ඒක වෙනස් කරන්න.”
මවගේ මුදු කටහඩ මට සැනසීමක් විය.
එදා දවසම මහා පාලු මූසල අදුරු එකක් විය. සැදෑ සමයේ අදුර අහස් කුසටද උසුලා ගත නොහැකි සේයකි. වෙනදා සුවදවත් හෙන්දිරික්කා මල් වලිනුත් අද සුවදක් නොහමන්නා සේ මට දැනේ. ඇත්තටම එය සිහිනයක්ද?
ඔව් එය සිහිනයකි.
අතට වැටුණු සීතල කදුලු බිදුවක පහසින් මම පියවි ලොවට පිවිසියෙමි. ඇත්තෙන්ම එය සිහිනයක් වන්නේ නම් මගේ සියලු දේ කැප කිරීමට මම සූදානම්ය. එහෙත් එය මට වෙනස් කළ නොහැක. එය සත්‍යයකි. අතීතය මත වැළලී ගිය සත්‍යයකි.
ඉතිං දයාබර යෙහෙළිය,
ඔයාගෙත් මගෙත් ඒ සොදුරු මතකයන් ඒ සුදු නෙලුම් මත්තෙම මියැදුණාවේ.

Posted by: dishi | September 26, 2008

සුදු නෙලුම-ඉතිරි කොටස

ඉතිං , ඒ කෙළිලොල් දගකාර අවධිය මට තාමත් මතකයි. ඇගේ සුන්දර සිනා හඩ මට දැණුදු සිහියට නගා ගත හැකිය. උදේ සුපිපුණු පිවිතුරු මලක් මෙන් ඇය අහිංසකය. ඇයගේ දෝරේ ගලා ගිය අහිංසක බවින් දගකාරියක වූ මගේ ජීවිතයේ යම් හික්මීමක් ඇති වූ බව අපේ මවුවරුන් කතාවෙනු මම ඇතැම් දිනක අසා ඇත්තෙමි. ඒ අතීතය ආවර්ජනය කිරීමේදි එය සත්‍යක් යැයි මටද හැගේ. සෑම විටම මගේ සුලු හෝ වැරැද්දක් දුටු විට ඇය මා නිවැරදි කිරීමට සමත් වූවාය. සැපේදි ළග හිද දුකේදි මා හැර යන මිතුරියන් මෙන් නොව දුකේදි මෙන්ම සැපේදිත් ඇය මා අසළම සිට මහත් ධෛර්යයක් වූවාය. ඉතිං ඒ දුක සැප එකට බෙදා ගත් අප දෙදෙනා අඹ යහලුවන් වීම එක අතකට පුදුමයට කරුණක් නොවේ. ඇය පාසල් නොපැමිණි දවස් ගෙවි ගියේ ඉතා පාලුවෙනි. ඇය ඉගෙනීමෙහි දක්ෂ ශිෂ්‍යාවක වූ බැවින් මට අමාරු පාඩම් ඇය කියා දුන්නාය. මෙසේ දුක සතුට මුසු වූ රසවත් සිද්ධීන් සමග අප ජීවිතයේ නිම් කඩුලු පසු කොට 11 වසර දක්වා පැමිණි ගමනේදි ඇය වචනයේ පරිසමාප්තියෙන්ම මට ඉතා ලෙන්ගතු මිතුරියක් වූවාය.

එදා සදුදා දිනයකි. වළාකුලු අස්සෙන් එබී බැලු හිරු මඩල ගස් වැල් මතට වැටී දීප්තියෙන් බබළයි. සුදු ඇදුමින් සැරසී පාසල් එන ආලෝකා අත සුදෝ සුදු සුදු නෙලුම් මල් පොකුරක් තිබෙනු මම දුටුවෙමි.

ආ! ආලෝකා හරිම ලස්සන සුදු නෙලුම්. කොහෙන්ද ඔයාට.මම විමසුවෙමි.

වත්ත පහළ ගගේ මේ දවස් වල හරියට සුදු නෙලුම් පිපිලා. හරිම ලස්සනයි. ඉතිං මම කඩා ගෙන ආවා. ඇය පැවසුවාය.

මම ඇයගේ දෝතින් සුදු නෙලුම් මල් පොකුර ගෙන සිප ගත්තෙමි. හද මන්මත් කරන සුවදකින් මගේ නැහැය කිති කැවී ගියේය.

ම්……හරිම සුවදයි.

මම ඕවා ගෙනාවේ බුදු සාදුට පූජා කරන්න. එන්න අපි දෙන්නම බුදු මැදුරට යමු. යි කියමින් ඇය මගේ අතින් අල්වාගෙන මා සමගම බුදු මැදුරට ගියාය.

අප දෙදෙනාම බුදු මැදුරට එතැන අතු ගා පිරිසිදු කර මල් තබා බුදුන් වැද නැවත ආවෙමු. එවිටම පාසල ආරම්භ කරන සීනුව වැදුණු බැවින් අපි පංතිය කරා දිව්වෙමු. ගුරුතුමිය පංතියට පැමිණෙන තෙක් අපි කතා කරමින් සිටියෙමු.

ඉතිරි කොටස පසුව………….

Posted by: dishi | September 24, 2008

Ammawarune by Nanda Malini


Ammawarune by Nanda Malini.

Older Posts »

Categories